26 C
Colombo
සෙනසුරාදා, මැයි 18, 2024

එජාප ආසන සංවිධායකවරුන් සඳහා සම්මුඛ පරීක්ෂණ දෙසැම්බර් 1 වැනිදා

Must read

එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් වූ සම්මුඛ පරීක්ෂණ පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී (01) සිට ආරම්භ කරන බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

ලබන වසර වෙනුවෙන් ආසන සංවිධායකවරුන් පත් කිරීම වෙනුවෙන් මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.

ආසන සංවිධායක ධූර වෙනුවෙන් ඉල්ලුම්පත් දහස් ගණනක් ලැබී ඇති බැවින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වූ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් සුදුසු සංවිධායකවරුන් තෝරා පත් කර ගැනීමට නියමිතය.

More articles

Latest article