32 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

ශ්‍රී ලංකාවට උදවු කරන්නේ කිසිදු දේශපාලන කොන්දේසියකින් තොරවයි – චීනය

Must read

ශ්‍රී ලංකාවට උපකාර කරනු ලබන්නේ කිසිදු දේශපාලන කොන්දේසියක් නැතිව බව චීනය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ ආයෝජන සහ මූල්‍ය කටයුතුවලට දායක වන්නේ ද කිසිදු දේශපාලන අභිලාෂයකින් තොරව බව ද චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියාන් මහතා පවසයි.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැත්වෙන දෛනික මාධ්‍ය හමුවට සහභාගි වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ෂාඕ ලිජියාන් මහතා පෙන්වා දී තිබෙන්නේ මේ මොහොතේ ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන අභියෝගවලින් නිදහස් වීම සඳහා චීනයේ සහාය දෙන බවත් ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය ගොඩනඟා ගැනීමට මූල්‍ය ආයතන වෙත සහාය දෙන බවත්ය. එමෙන්ම සමාජ, ආර්ථික සංවර්ධනයක් උදාකරලීම වෙනුවෙන් නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට සහාය දෙන බවද පවසා ඇත. ශ්‍රී ලංකාව අරමුදල් සොයා චීනයට යන විට චීනය ගෞරවාන්විතව කටයුතු කර තිබෙන බවට ශ්‍රී ලංකා විදේශ ඇමැතිවරයා පෙන්වාදී තිබෙන අතර, ඊට අමතරව කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාවට ණය ගැනීමට චීනය මඟින් බල කිරීමක් කර නැති බවද පෙන්වාදී තිබේ. මේ අතර, චීනය මඟින් ශ්‍රී ලංකාවට මූල්‍ය පහසුකම් සහ ණය පහසුකම් මෙන්ම මානුෂීය ආධාරද දුන් බව අලි සබ්රි මහතා පවසා තිබෙන අතර “ණය උගුල” යනු බටහිර වාක්‍ය ඛණ්ඩයක් බවද සඳහන් කර ඇත.

More articles

Latest article