28 C
Colombo
බ්‍රහස්පතින්දා, අගෝස්තු 18, 2022

ඇස් ඇරන් බලන් ඉන්න අපි යන මාර්ගය දිහා – උවිඳු විජේවීර

Must read

1971 දී තරුණයින් ආයුධ සන්නද්ධව සිදුකළ අරගලය වෙනුවට, විසි එක්වන සියවසේ තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ වූ තරුණයින් සමග වෙනසක් වෙනුවෙන් අරගල කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර මහතා පවසයි.

අද (04) කොළඹදී පැවැති වැඩසටහනකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර නායකත්වය දරන දෙවන පරපුර අද කොළඹදී සම්මන්ත්‍රණයක් සංවිධාන කර තිබුණි.

ඒ “71ට අඩසියවසක් – හැරවුමක ඇරඹුමක් ” යන මැයෙන්ය.

1971 සන්නද්ධ අරගලයට පනස් වසරක් පිරීම එහිදී සැමරුණු අතර අරගලයේදී දිවි පිදූ පිරිස සිහි කරමින් පුෂ්පෝහාර දැක්වීමක්ද සිදුකෙරුණි.

එහිදී, දෙවන පරපුරේ වෙබ් අඩවිය එළිදැක්වුණි.

රෝහණ විජේවීරගේ පුත්‍ උවිඳු විජේවීර එහිදී සඳහන් කළේ, 

“රට ගැන තරුණයින් තුළ ඇති ආදරය අවදි කළ යුතුයි. බෙදුණු සියලු දෙනා එක තැනකට ගේනවා. ඇස් ඇරන් බලන් ඉන්න අපි යන මාර්ගය දිහා. ආයුධ සන්නද්ධ තරුණයෝ වෙනස කරන්න උත්සාහ කළා.
21 වන සියවසේ නූතන තරුණයා සමග වෙනස කරනවා. ටොයියෝ, බයියෝ, ජෙප්පෝ – එහෙම නැහැ. හැම පක්ෂයේම රට ගැන හිතන අය ඉන්නවා. හොඳ මිනිස්සු එකතු වෙලා හොඳ සමාජයක් හදමු. හොරුන්ට රෑටත්, දවල්ටත් හොරකමේ යන්න බැරිවෙන්න. මේක වමේ හෝ දකුණේ කොණට අරගෙන යන්නේ නැහැ. රට දිනවන හරි තැන හිටගන්න,” යනුවෙනි.

More articles

Latest article