30 C
Colombo
ඉරිදා, අප්‍රේල් 28, 2024

වික්ටෝරියා නූලන්ඩ් ලබන සතියේ දිවයිනට

Must read

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය සහාය දිය හැකි අංශ සම්බන්ධයෙන් සොයා බැලීමට අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

ඒ මහත්මිය එළැඹෙන පෙබරවාරි මස 03 වැනි දින දක්වා නේපාලය, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යයේ සංචාරය කරන අතර, ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර සබඳතාවලට වසර 75ක් සපිරීම සනිටුහන් කරමින් ඇය ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මෙරටේ ආර්ථිකය ස්ථාවර කිරීමට, වග වීම ප්‍රවර්ධනය කිරීමට සහ මානව හිමිකම ආරක්ෂා කිරීමට සහාය අඛණ්ඩව දීම අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ වෙයි.

More articles

Latest article