33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

කොටි ත්‍රස්තයන් පරදා යුද ජයග්‍රහණය ලැබූ විජයග්‍රහණයේ දිනය අදයි

Must read

වසර තිහක් තිස්සේ මෙරට වෙලාගත් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අවසන් කරමින් යුද ජයග්‍රහණය ලබා ගත් විජයග්‍රහණයේ සැමරුමට අද දිනට වසර 12 ක් සපිරේ.

දශක තුනක් තිස්සේ මෙරට ජනතාව දහස් ගණනින් ඝාතනය කළ, බෝම්බ පිපිරවූ, රාජ්‍ය නායකයන් පවා ඝාතනය කළ, මෙරට ආර්ථිකය බිඳ වැට්ටවූ කොටි ත්‍රස්තවාදය මෙරට භීතියට පත් කරමින් තිබුනා.

බලයට පත්වූ බොහෝ රාජ්‍ය නායකයන් කොටි ත්‍රස්තයන් සමග යුද්ධයකට නොගොස් සාම ගිවිසුම් අත්සන් කළේ කොටි ත්‍රස්තයන් යුද්ධයකින් පරාජයට පත් කිරීමට නොහැකි බවට ජාත්‍යන්තරය පවා පැවසීම හේතුවෙනි.

කෙසේ වූවත් කොටි ත්‍රස්තවාදීන් විසින් මාවිල්ආරු සොරොව්ව වසා දමා දහස් ගණනින් ගොවි ජනතාවගේ වගා බිම් විනාශ කිරීමට යාමේදි එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබා ගත් තීරණය අවසන් වූයේ නන්දිකඩාල් කලපුවේදි ම්ලේච්ඡ ත්‍රස්තයා වේලුපිල්ලේයි ප්‍රභාකරන්ට මරණය අත් කර දීමෙනි.

වීරෝධාර රණවිරුවන් සිය ජීවිත පවා මවුබිම වෙනුවෙන් දන් දී අප්‍රතිහත දෛර්යයෙන් සටන් කොට කොටි ත්‍රස්තවාදීන් විනාශ කිරීමේ අවසන් සටන ලෝක යුධ ඉතිහාසයේ සුවිශේෂී පරිච්ඡේදයක්ද සටහන් කළා.

එලෙසින් ලබා ගත් නිදහස හේතුවෙන් මෙරට ජනතාවට නිදහසේ කාලය ගෙවීමට අවස්තාව හිමි විය.

More articles

Latest article