28.1 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

සියළු ජනතාව රැස්කර රනිල් රාජපක්ෂ ආණ්ඩුව පන්නා දමනවා – වසන්ත සමරසිංහ

Must read

ජනතා අපේක්ෂාවන් පිට්පොකට් ගැසු රනිල් රාජපක්ෂ ආණ්ඩුව එලවන සටන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූයේ ඔහුගේ තනි උනන්දුවට පමණක් නොවන බවත් රාජපක්ෂ කඳවුරේ ප්‍රබල උවමනාවට බවත් ඒ මහතා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැර නව ජන මතයට ඉඩ දීමට කටයුතු කරවීම මේ මොහොතේ ප්‍රධානම අරමුණ බවත් මෙම විකෘති පාලනය තවදුරටත් ඉදිරියට යාමට ඉඩ නොදිය යුතු බව හෙතෙම කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ එලවා දමන සටනට සියලුම බලවේග එක්රැස් කරන බවද හෙතෙම තවදුරටත් පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ කොළඹ දී මාධ්‍ය අමතමිනි.

More articles

Latest article