31 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

කොළඹ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

Must read

කොළඹ වෙරළබඩ පොලිස් බලප්‍රදේශයේ විවේකානන්ද මාර්ගයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඊයේ (30) රාත්‍රී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 51 හැවිරිදි කොටහේන විවේකානන්ද පාර ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙරළබඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

More articles

Latest article