27 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

ඊට පස්සේ කොහොමහරි මට එහෙම හැගීමක් ඇවිත් මම කැමතියි කිව්වා – වසන්ති චතුරානි

Must read

ලාංකීය සිනමා ක්ෂේත්‍රය තුළ මෙතෙක් නිර්මාණය කෙරුණු චිත්‍රපට අතුරින් අතිශය ජනප්‍රියත්වයට පත් චිත්‍රපටයක් ලෙස අපට ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ ” ගැහැණු ළමයි ” චිත්‍රපටය හදුන්වන්න පුළුවන්. ඉතින් මේ චිත්‍රපටයේ කුසුම් ලෙස ප්‍රේක්ෂකයන් හමුවට ආපු සුරූපී රංගන ශිල්පිනිය තමයි වසන්ති චතුරානි කියන්නේ.

ඇත්තෙන්ම දක්ෂ, සම්මානානීය, ප්‍රතිභාපූර්ණ රංගවේදිනියක වන ඇගේ රංගන කුසලතාවය අපට සිංහල සිනමාවේ චිත්‍රපට ගණනාවක් ඔස්සේ නිරන්තරයෙන් දැකගන්නට ලැබුණා.

කොහොම වෙතත් වසන්තා දොරින් පීටර්සන් කියන ඇගේ නම සුනිල් ආරියරත්නයන් විසින් වසන්ති චතුරානි බවට පත් කළා.

ඉතින් සිය පළමු නිර්මාණය හැටියට ඇය රංගන දායකත්වය ලබාදුන් ගැහැණු ළමයි සිනමා නිර්මාණයේ ඇයට හිමිවෙන්නේ ප්‍රධාන චරිතයයි.

එලෙස ඇය රංගන දායකත්වය ලබාදුන් මේ චිත්‍රපටය සිංහල සිනමාවේ කලුසුදු චිත්‍රපටයක් වන අතර එතැන් පටන් ආරම්භ කෙරුණු ඇගේ සිනමා දිවියේ ඇය සිනමා නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා.

ඉතින් ඇය රංගන දායකත්වය ලබාදුන් සිනමා නිර්මාණ කිහිපයක් ලෙස අපට ගග අද්දර, අහසින් පොළවට, අමල් බිසෝ, චූඩා මාණික්‍ය, සිරි බෝ අයියා, පරිත්‍යාගය, හංසවිලක්, ආයාචනා, ආදර හසුන, හිමගිරි, සංගිලි, යහලුවෝ වැනි නිර්මාණ හදුන්වන්න පුළුවන්.

කෙසේ නමුත් හොදම නිලියට හිමි සම්මාන දෙකක් ලබා ගැනීමට පවා වාසනාවන්ත වෙන ඇය පසුකාලීනව තීරණය කරන්නේ රංගනයට සමුදීමට යි.

ඒ විදිහට රංගනයට සමුදුන්නු ඇය පහුගිය දවසක මාධ්‍යය සාකච්ඡාවක් සමගින් එක්ව අදහස් දක්වලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. ඉතින් එහිදී ඇය කියල තිබුණේ මෙන්න මේ විදිහේ කතාවකුයි.

” ඉස්කෝලේ යන කාලේ මට කවදාවත් පෙම්වතෙක් ඉදලා නෑ. මගෙ යාලුවන්ට ඉදලා තියෙනවා. මට ඒ හැගීම එහෙම ලේසියකට එන්නෙ නෑ.

ඉතින් මට ඒ ආදර අත්දැකීම් කොහොමවත් තිබිලා නෑ. ඉතින් කාලයක් අපේ ගෙදරට ඇවිත් මගේ කැමැත්ත ගන්න කෙනෙක් ඇවිත් ඉන්නවා. මම කැමතියි කියන්නෙම නෑ. ඊට පස්සේ කොහොමහරි මට එහෙම හැගීමක් ඇවිත් මම කැමතියි කිව්වා.

ඊට පස්සෙ අපි විවාහ වෙන්න තීරණය කලා. ගෙදරිනුත් කිව්වා රංගනය අත හැරලා විවාහ ජීවිතේ හරියට කරගන්න කියලා. ඉතින් සිනමාවට තිත තියන ඇය විවාහ ජීවිතය හොදින් කරගෙන යන කාලය තුලදී ඇයට පුතෙක් ලැබෙනවා. ඉතින් කාලයක් ගියාම සිංහල සිනමාවට තිත තියන ඇය නැවත සිනමාවට පිවිසෙනවා.”

ඒ විදිහට නැවත කලාවට පිවිසෙන ආකාරය ගැන අදහස් දක්වන ඇය සිය රංගන දායකත්වය ලබා දෙන්නේ ‘ආදර හසුන’ චිත්‍රපටයටයි.

කොහොම වෙතත් මේ විදිහට නැවත වරක් රංගනය සමගින් එක්වෙන ඇය සිනමාවට කළ මෙහෙවර අපට වචනයෙන් විස්තර කළ නොහැකියි. ඉතින් ඇයට ඇගේ ඉදිරි ජීවිතය සාර්ථක කර ගැනීමට වාසනාව ධෛර්යය ලැබේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

More articles

Latest article