30 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

විදේශ කටයුතු ලේකම් කොළඹගේ ප්‍රමුඛ පාත් ෆයින්ඩර්වරු ඇමරිකානු උවමනාවට රට මෙහෙයවීමට උත්සහ කරමින් සිටිනවා – වෛද්‍ය වසන්ත බණ්ඩාර

Must read

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් මෙන්ම ජාතික සංවිධාන එකමුතුවේ විධායක සභික වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා Truth with Chamuditha යූ ටියුබ් වැඩසටහනට සහභාගි වෙමින් පවසා සිටියේ විදේශ කටයුතු ලේකම් ජයනාත් කොළඹගේ ප්‍රමුඛ පාත් ෆයින්ඩර්වරු අටවා තිබූ ජිනීවා මර උගුලට පය තැබීමට කටයුතු නොකිරීමට විදේශ අමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතාට පෞරෂයක් තිබෙන බව තමන් ඇතුළු ජාතිකවාදී පිරිස් මුල සිටම දැන සිටි බවත් සමහරුන් පවසන පරිදි මංගල සමරවීර වැනි ජාතිය පාවා දෙන ආකාරයේ කටයුතු කරන්නෙකුගේ භූමිකාව රඟ දැක්වීමට දිනේෂ් ගුණවර්ධන අමාත්‍යයවරයා කිසි ලෙසකින්වත් සමත් වන්නේ නැති බව දැන සිටි බවත් පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ පාත් ෆයින්ඩර් නම් සංවිධානයේ ප්‍රභල භූමිකාවක් ඉටුකරන මිලින්ද මොරගොඩ වැන්නවුන් බොහෝ දෙනෙක් ආණ්ඩුව අභ්‍යන්තරයේ මෙන්ම ආණ්ඩුවට බාහිරින් සිටිමින් අමෙරිකානු වුවමනාව අනුව ආණ්ඩුවේ ගමන පීලි පැන්නවීමට කටයුතු කරමින් සිටින බවයි.

තමන් ඇතුළු ජාතිකවාදීන් පෙනී සිටින්නේ 69 ලක්ෂයක ජනතාවගේ අපේක්ෂාවන් ජයග්‍රහනය කරවීම වෙනුවෙන් බවත් එය ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යට යහපත් බව තමන් විශ්වාස කරන බවත් පවසා සිටියේය.

More articles

Latest article