කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මගපෙන්වීම යටතේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA), සණස සංවර්ධන බැංකුව (SDB) සමඟ එක්ව වාර්ෂිකව ව්‍යවසායකයන් 2000ක් බිහි කිරීම සඳහා ඇරඹූ ජාතික ව්‍යාපෘතිය මේ වන විට සාර්ථකව රට පුරා ක්‍රියාත්මක වන බව ජාතික සංවර්ධන අධිකාරිය සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා පවසයි.
මෙම ජාතික ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන වාර්තාව කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යංශයේ දී පසුගියදා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට පිරිනැමීමෙන් අනතුරුව අමාත්‍ය කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී අනුෂ්ක ගුණසිංහ මහතා මෙසේ පැවසීය.එම සාකච්ඡාව සඳහා සණස සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි කෘෂි, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශ ප්‍රධානී ධම්මික ගමගේ, සමුපකාර අංශ ප්‍රධානි ලසන්ත එදිරිසූරිය, නියෝජ්‍ය කළමනාකාරිණී සුමේධා කුමාරච්චි යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
මෙහිදී මෙම ව්‍යාපෘතිය ප්‍රධාන අංශ දෙකකින් සමන්විත අතර ඒවා ‘SDB – NEDA දිරි ජනනි’ සහ ‘SDB – NEDA COOP සවි’ ලෙස දියත් වේ. SDB – NEDA COOP සවි’ උප ව්‍යාපෘතිය සවිට අවැසි දිරිය මිනිසුන්ට බැංකුකරණයෙන් ඔබ්බට ගොස් ආර්ථික ශක්තියක් ලබා දීමත් නව්‍ය තාක්ෂණය, ව්‍යවසායකත්ව පුහුණුව හා කළමනාකරණයට මගපෙන්වීමත් අරමුණු කරගනිමින් දිවයිනෙහි දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වීමට නියමිතය.