28 C
Colombo
ඉරිදා, මැයි 5, 2024

කොටුවේ පාවෙන වෙළෙඳ පරිශ්‍රය තරුණ අරගලකරුවන්ට

Must read

තරුණ අරගලකරුවන්ගේ අවශ්‍යතා රාජ්‍ය අනුග්‍රහය සහිතව පවත්වා ගෙන යෑම සඳහා කොළඹ කොටුව පාවෙන වෙළෙඳසළ ඇතුළුව ස්ථාන කිහිපයක් දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

මේ සඳහා විධිමත් යෝජනාවලියක් බහුතර අරගලකරුවන්ගේ මැදිහත් වීමෙන් සකස් කරන ලෙස ජනාධිපතිවරයා ඔවුන්ගෙන් ඉල්ලා තිබේ. එම ස්ථාන අධ්‍යාපනය සඳහා වූ පුස්තකාල, දේශපාලන අධ්‍යයනය සඳහා වන පහසුකම්, සංගීතය, චිත්‍ර කලාව, වේදිකා නාට්‍ය හා අනෙකුත් තරුණ කුසලතා සහ අවශ්‍යතා ඉටුකරගත හැකි එක් මධ්‍යස්ථානයක් බවට එය පත්කර ගතයුතු බව ජනාධිපතිවරයා යෝජනා කර තිබේ. මේ ක්‍රියාවළිය සඳහා සියලු අරගලකරුවන් නියෝජනය කරමින් ඒක් ප්‍රධාන කණ්ඩායමක් සකසා ගන්නා ලෙස ඉල්ලා ඇති ජනාධිපතිවරයා එම කණ්ඩායමට සියලු ආගම් සහ කාන්තා නියෝජනය ද අත්‍යාවශ්‍ය බව සඳහන් කර තිබේ. සාමකාමී අරගලකරුවන් අතර ඉතා නිර්මාණශීලී අය සිටින බවත් තමා ඔවුන් අගය කරන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා අරගලයක් ප්‍රචණ්ඩත්වයට නොයා යුතු බව අවධාරණය කළේය.

ගාලු මුවදොර අරගලකරුවන්ගේ පාර්ශ්ව කිහිපයක් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පසුගිය 05 දා ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

More articles

Latest article