31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ඊජිප්තු සහ චෙක් ජනපතිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුබපතයි

Must read

අත්දැකීම් සහිත නායකයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝග සාර්ථකව ජය ගනු ඇතැයි ඊජිප්තු හා චෙක් රජයේ ජනාධිපතිවරු සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසති. ශ්‍රී ලංකාව ප්‍රගතිය සහ සෞභාග්‍යය කරා ගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇති හැකියාව පිළිබඳ ඊජිප්තු රජය විශ්වාසයෙන් පසු වන බව ඊජිප්තු අරාබි ජනරජයේ ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි (Abdel Fattah Al Sisi) මහතා සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ජනාධිපති ධූරයට පත් රනිල් වික්‍රමසිංහ මහතාට සිය හෘදයාංගම සුබපැතුම් පිරි නමා ඇති අබ්දෙල් ෆටා අල් සිසි මහතා ශ්‍රී ලාංකික ජනතාවගේ බලාපොරොත්තු සහ අපේක්ෂා ඉටු කිරීමට වික්‍රමසිංහ මහතා ගන්නා සෑම වෑයමක්ම සාර්ථක වේවායි ද ප්‍රාර්ථනා කරයි.

දෙරටේ පොදු අවශ්‍යතා ඉදිරියට ගෙන යාමට සහ දෙරටේ මිත්‍රශීලී ජනතාවට වඩාත් සමෘද්ධිමත් අනාගතයක් සහතික කිරීම සඳහා රටවල් දෙක අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට තමා උනන්දුවෙන් පසුවන බව ද ඊජිප්තු ජනාධිපතිවරයා සඳහන් කරයි. අත්දැකීම් සහිත නායකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝග සාර්ථකව ජය ගනු ඇතැයි චෙක් රජයේ ජනාධිපති Milos Zeman මහතා විශ්වාසය පළ කරයි.

ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් වික්‍රමසිංහ මහතාට සුබපැතුම් පණිවිඩයක් ඒවමින් චෙක් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ. චෙක් ජනරජය සහ ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාවය මත කිට්ටු මිත්‍රත්වයක් භුක්ති විඳින බවත් සාම්ප්‍රදායිකව පැවතෙන එම යහපත් සබඳතා දෙරටේම ජනතාවගේ ප්‍රයෝජනය සඳහා අඛණ්ඩව ගැඹුරින් වර්ධනය කර ගැනීම අපේකෂාව බව ත් සිය සුබපැතුම් පණිවිඩයේ චෙක් ජනරජයේ ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

More articles

Latest article