30.8 C
Colombo
බදාදා, මැයි 1, 2024

කැනඩාවේ පිහි ඇනුම් රැසක්

Must read

කැනඩාවේ සස්කැච්වන් හි ස්ථාන කිහිපයකදී සිදුකළ පිහි ඇනුම්වලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.

පිහි ප්‍රහාරවලට ලක්වු තවත් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සස්කැච්වන් හි ස්ථාන 13කදී එම පිහි ඇනුම් වාර්තා වී ඇති අතර ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන තිබේ.

කෙසේවෙතත් එම සැකකරුවන් දෙදෙනා මේ වන විට පළාගොස් තිබීම හේතුවෙන් සස්කැච්වන් හි ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා පැවසුවේය.

More articles

Latest article