26 C
Colombo
සිකුරාදා, මැයි 17, 2024

ජූනි 1 දා සිට වරාය අධිකාරියට කරන ගෙවීම් ඩොලර් වලින් පමණයි

Must read

භාණ්ඩ ආනයනය හා අපනයනයට අදාළව ශ්‍රී ලංකා වරාය අධිකාරියට නැව් සමාගම් විසින් කරනු ලබන ගෙවීම් සඳහා එක්සත් ජනපද ඩොලර් භාවිත කරන ලෙස වරාය හා නාවික නව කැබිනට් ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා උපදෙස් දී ඇත.

මේ මඟින් වාර්ෂිකව ඩොලර් මිලියන 100 ඉක්මවන ආදායමක් ඉපයීමට හැකි හෙයින් ජූනි 1 දා සිට මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට තීරණය වී ඇත.

මෙමඟින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලැබෙන ඩොලර් ආදායම ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කෙරේ.

මෙතෙක් නැව් සමාගම්, වරාය අධිකාරියට ගෙවීම් කළේ ශ්‍රී ලංකා රුපියල් මඟිනි.

ඇමැතිවරයා සහ නාවික ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරින් සමඟ එක්ව මේ තීරණයට එළැඹ තිබේ.

More articles

Latest article