26 C
Colombo
සෙනසුරාදා, මැයි 18, 2024

අන්තර්ජාතික රතු කුරුස කමිටුවෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර

Must read

ආර්ථික වශයෙන් පසුබෑමට ලක්ව තිබෙන ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර දීමට අන්තර්ජාතික රතු කුරුස කමිටුව (ICRC) පියවර ගෙන තිබේ.

අන්තර්ජාතික රතු කුරුස කමිටුවේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ලූකස් පෙට්‍රිඩිස් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමු වූ අතර, එහිදී ශ්‍රී ලංකාව සඳහා අන්තර්ජාතික රතු කුරුස කමිටුව දුන් දායකත්වය විදේශ කටයුතු ඇමැතිවරයාගේ ඇගයුමට පාත්‍ර විය.

වත්මන් ආර්ථික අභියෝගය සම්බන්ධයෙන් විදේශ ඇමැතිවරයා පළ කළ කරුණු දැක්වීමට ප්‍රතිචාර දැක්වූ පෙට්‍රිඩිස් මහතා, අන්තර්ජාතික රතු කුරුස කමිටුව ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය හරහා ශ්‍රී ලංකාව වෙත වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීමට නියමිත බව දන්වා සිටියේය. මේ අතර, රජයේ අවශ්‍යතා මත මානුෂීය ආධාර සැපයීමට සූදානමින් සිටින බවද හෙතෙමපෙන්වා දුන්නේය.

සිය නවතම රාජකාරී පැවරුම සම්බන්ධයෙන් පෙට්‍රිඩිස් මහතා වෙත සුබ පැතුම් පළ කළ විදේශ කටයුතු ඇමැති ජී.එල්. පීරිස් මහතා, අන්තර්ජාතික රතු කුරුස කමිටුව සමඟ පවත්නා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තම අනුප්‍රාප්තිකයා සමඟ සමීපව කටයුතු කරන බවට සහතික විය.

More articles

Latest article