29 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

මැතිවරණ කොමිසම, නීතිඥ සංගමයේ සභාපති හමු වී උපදෙස් පැතීම බරපතළ සැකයට තුඩු දෙන්නක්

Must read

මැතිවරණ කොමිසමේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල්වරයා, සාලිය පීරිස් මහතා හමු වී උපදෙස් පැතීම බරපතළ සැක සහිත කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා පවසයි.

මෙය නීතියට පටහැණි සම්ප්‍රදාය විරෝධී කටයුත්තක් බව පෙන්වා දෙන ඒ මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් අනුව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා පවසා තිබියදී ඔහු සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා රහසේම නීතිඥ සංගමයේ සභාපතිවරයා හමුවීම ගැටලුවක් බවද සඳහන් කරයි. කොමිසමේ සභාපතිවරයාගේ සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මේ සදාචාර විරෝධි සහ සම්ප්‍රදායට පටහැණි

ක්‍රියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කඩිනමින් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්, මෙම රහසිගත සාකච්ඡාවේ කරුණු රටට හෙළි කළ යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල්වරයා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් හමු වී රහසිගතව සාකච්ඡා පැවැත්වීම පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්නැයි තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ කොමිසමේ පැහැදිලි බෙදීමක් තිබියදී නිල නොවන මට්ටමින් සිදු වූයේ යැයි කියන මෙම හමුව පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු විය යුතු බවයි.

මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් කොමිසම උපදෙස් ගත යුත්තේ නීතිපතිවරයාගෙන් පමණි. එලෙස තිබියදීත් නීතියට පරිබාහිර පුද්ගලයකුගෙන් අදහස් විමසීම මෙරට මැතිවරණ ක්‍රියාදාමය හෑල්ලුවට ලක් කිරීමක් බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

More articles

Latest article