31 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

පැලැස්තර විසඳුම් එපා – කාදිනල් හිමි

Must read

පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් සම්බන්ධයෙන් පියවර ගැනීමේ වගකීම නීතිපතිතුමාට පමණක් භාර දී අතසෝදා ගන්නට එපා යැයි රටේ බලවත් අයගෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

මේ ප්‍රහාරයට අනුබල හා අනුග්‍රහය දුන් අය ගැන සොයා නොබලා උඩින් පල්ලෙන් අතගාමින් පැලැස්තර අලවන්න ගියහොත් කොයිම දේශපාලන නායකයකුටවත් අන්තවාදී ව්‍යසනයෙන් රට මුදවාගැනීමට හැකිවන්නේ නැතැයි කාදිනල්තුමෝ පැවසූහ.

ඒ නිසා මෙය අතීතයේ සිදුවූ සිද්ධියක් ලෙස අමතක කර දමන්නට එපා යැයි රටේ නායකයින්ගෙන් ඉල්ලා සිටින බව කාදිනල්තුමෝ කීහ.

කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ බොරැල්ල අගරදගුරු නිල නිවසේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

More articles

Latest article