28.4 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

කෝටි ගණන් වාහන හිමි හිමිවරු ලයිට් බිල ගැන කතා කරනවා – පල්ලේකන්දේ රතනසාර හිමි

Must read

රුපියල් ලක්ෂ ගණනින්, කෝටි ගණනින් වාහන හිමි ඇතැම් හිමිවරු අද විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කතා කරන බවත් උන් වහන්සේලා පරිහරණය කරන වාහන සහ මුදල් දෙස බලන විට විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කතා කළ නොහැකි බවත් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී පල්ලේකන්දේ රතනසාර හිමියෝ ප්‍රකාශ කළහ.

මාසයකට රුපියල් 50,000ට වැඩි මුදලක් වාහනයේ පෙට්‍රල් සඳහා වියදම් කරන ඇතැම් අය අද විදුලිය සම්බන්ධයෙන් කතා කරන බව පෙන්වා දෙන උන් වහන්සේ ඔවුන් ගමන් කරන වාහනය රුපියල් කෝටි තුනහමාරක් හතරක් වැනි ඉහළ මිලක් වන බව ද පෙන්වා දුන්හ.

ඇතැම් විහාරස්ථානවල තිබෙන වාහන දකින විට මහජනතාව විසින් මහා සංඝරත්නය විවේචනය කරන බව ද එවැනි තත්ත්වයක් තුළ විදුලිබිල ඉහළ යෑම අපහසු යැයි කිව නොහැකි බව ද සඳහන් කරන රතනසාර හිමියෝ අනෙකුත් ආගම්වල සභාවලට මුදල් තිබෙන නමුත් බෞද්ධයන්ගේ අරමුදලක් කිසිඳු තැනෙක නැති බව ද සඳහන් කරති. අමාරුවෙන් ගන්නා මුදලක් මහාභාරකරු යටතේ තිබෙන බව සඳහන් කරන ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී හිමියෝ ආරාමයේ පාලනය, දේපොළ පාලනය භික්ෂුවට හෝ මහාභාරකරුට නොව රාජ්‍ය මඟින් පාලනය වන හොඳ කළමනාකරණ ආයතනයකට දිය යුතු බව ද කියා සිටිති. මේ ආදායම රජයට ගත යුතු බව ද එය පොදු ආදායමක් ලෙස සම්බුද්ධ ශාසනයට දිය යුතු බව ද පෙන්වා දෙන රතනසාර හිමියෝ විදේශ ආධාරයක් පන්සලකට ලැබෙන්නේ නම් එය පන්සලේ හිමිවරුන්ගේ පෞද්ගලික ගිණුම්වලට ලැබෙන බව ද පෙන්වා දෙති.

විහාරස්ථාන සඳහා ලැබෙන සියලු මුදල් කළමනාකරණය කිරීම රජය මඟින් පාලනය වන කළමනාකරණ ආයතනයකට පැවරිය යුතු බව ද කීහ.

More articles

Latest article