32 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

හින්දි සිනමාපටයේ ‘මැණිකේ’ ගීතය යූටියුබ් සමාජ මාධ්‍යයේ නැරැඹුම් වාර කෝටි තුන ඉක්මවයි

Must read

ලොවම අමන්දානන්දයට පත් කළ ශ්‍රී ලංකාවේ යොහානි ද සිල්වා ගයන ‘තෑන්ක් ගෝඩ්’ හින්දි චිත්‍රපටයේ ‘මැණිකේ’ ගීතය මේ වන විට යූටියුබ් සමාජ මාධ්‍යයේ නැරැඹුම් වාර කෝටි තුන ඉක්මවා ගොස් තිබේ.

එළඹෙන 25දා තිරගත වීමට නියමිතව තිබෙන “මැණිකේ” ගීතය පසුගියදා (16) අන්තර්ජාලයට මුදාහැරි අතර එම ගීතය මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි අනුවාදනය වෙයි. එය සිංහල හා හින්දි භාෂා ද්විත්වයේම නිර්මාණයක් වීම විශේෂත්වයකි. මැණිකේ ගීතය යොහානි ද සිල්වා, ජුබින් නෞටියාල් සහ සූර්යා රඝුනාතන් එක්ව ගායනා කරන අතර, තනිශ්ක් බක්ෂි සහ චමත් සංගීත් සංගීත අධ්‍යක්ෂණය කර තිබේ. මේ චිත්‍රපටය සඳහා අජේ දෙව්ගන් හා සිද්ධාර්ත් මල්හෝත්‍රා රංගනයෙන් දායක වෙති.

විශේෂයෙන් කෙටි කාලයක් තුළ බොලිවුඩය පුරා රැව්පිළිරැව් දුන් ගීතයක් බවට මෙය පත්ව තිබෙන අතර යොහානි මේ ගීතය ගායනා කර ඇත්තේ ටී. සීරීස් ලේබලය වෙනුවෙනි.

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සංගීත නිෂ්පාදන සමාගමක් සහ චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන T-Series, එම ගීතය මුල්වරට නිකුත් කර තිබෙන අතර ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ තනුවට හින්දි බසින් ලියැවුණු පද මාලාවක් එහි අන්තර්ගත වන බව ද එම හින්දි අනුවාදනය ද යොහානි විසින් ගයනු ලැබීම විශේෂත්වයක් බව ද වාර්තා වෙයි.

More articles

Latest article