28 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

ඉන්දුනීසියාවේ පාපන්දු ක්‍රීඩාලෝලීන් 174ක් මරුට

Must read

ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා ප්‍රාන්තයේ පැවති පාපන්දු තරඟයකදී ඇති වූ තෙරපීමකින් ක්‍රීඩාලෝලීන් 174 දෙනෙකු මිය ගොස් තවත් 180 දෙනෙකු තුවාල ලබා තිබේ.

Arema FC සහ Persebaya Surabaya අතර තරඟය Persebaya 3-2 ක් ජය ගත් පසුව, පරාජිත කණ්ඩායමේ ආධාරකරුවන් තණතීරුව ආක්‍රමණය කරමින් ක්‍රීඩාංගනයේ ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන ඇත.

නැගෙනහිර ජාවා පොලිස් ප්‍රධානියා පැවසුවේ, පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව තෙරපීම සහ හුස්ම හිරවීමේ අවස්ථා ඇති වූ බවයි.

තරගය නැරඹීමට ක්‍රීඩාංගනයේ ධාරිතාව ඉක්මවා ප්‍රේක්ෂකයින් 4,000 ක් පමණ මෙහි සිටි බව වාර්තාවේ.

මේ සම්බන්ධ පරීක්ෂණ අවසන්වන තුරු ඉන්දුනීසියාවේ ටොප් ලීග් තරඟාවලියේ සියලුම තරඟ නතර කළ යුතු බවට ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ නියෝග කර තිබේ.

එමෙන්ම ඉන්දුනීසියාවේ පාපන්දු සංගමය (PSSI) පැවසුවේ, මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

ඉන්දුනීසියාවේ පාපන්දු තරඟ වලදී කණ්ඩායම් අතර පවතින තීව්‍ර තරඟකාරීත්වය හේතුවෙන් මීට පෙරද මෙවැනි සිදුවීම් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

More articles

Latest article