32 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

බහින්බස්වීමක් දුරදිග යාමෙන් මන්ත්‍රීගෙන් අහසට වෙඩි

Must read

බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ රාත්‍රියේ අඟුරුවාතොට ප්‍රදේශයේදී පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්‍ත්‍රීවරයෙකු වෙඩි තැබීමක් සිදු කර තිබේ.

පොලිසිය පැවසුවේ, ඊයේ රාත්‍රියේ අඟුරුවාතොට ප්‍රදේශයේ නිවසක දානමය පිංකමකට සහභාගි වීමට පැමිණි මන්ත්‍රීවරයා එහි සිටි පිරිස සමඟ බහින්බස් වීමක් ඇති කර ගෙන ඇති බවයි.

එම ස්ථානයෙන් පිටව ගිය මන්ත්‍රීවරයා නැවත පැමිණ සිය රථයේ සිටම නිවස දෙසට හා අහසට වෙඩි ප්‍රහාර එල්ල කර ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.

වෙඩි තැබිමෙන් අනතුරුව මන්ත්‍රීවරයා පළා ගොස් ඇති අතර ඔහු සොයා වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය පැවසී ය.

More articles

Latest article