27.2 C
Colombo
සෙනසුරාදා, මැයි 18, 2024

රැජනගේ අවමඟුලට ජනපති සමඟ ගිය නිල දූත පිරිසේ සිටියේ තිදෙනයි – ජනාධිපති මාධ්‍ය අංශය

Must read

බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවති දෙවැනි එලිසබෙත් මහ රැජනගේ අවමංගල්‍ය උත්සවයට ලැබුණු නිල ආරාධනය අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නිල දූත පිරිසට එක් වූයේ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්ම මහත්මීන් සහ ඊට අමතරව ජනාධිපතිවරයාගේ නිල වෛද්‍යවරයා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ භාර්යාව මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මේ සඳහා එක් වූයේ ඇයගේ පෞද්ගලික වියදමින් වන අතර, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ද පෙරේදා (19) පැවති ශ්‍රී ලංකා ඩයස්පෝරා හමුවට එක් වූයේ එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයකට එක්ව සිටින අතරතුර බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ දූත පිරිස සම්බන්ධයෙන් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා සමාජ මාධ්‍ය විවිධ සාවද්‍ය තොරතුරු හුවා දක්වමින් මහජනතාව නොමඟ යැවීමට කටයුතු කරන බව නිරීක්ෂණය වීම හේතුවෙන් මෙලෙස කරුණු පැහැදිලි කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ කරුණු සඳහන් කර තිබේ.

මේ අවස්ථාවට වෙනත් විදෙස් රටවල් නියෝජනය කරමින් පෝලන්ත ජනාධිපති ඇ‍න්ඩ්‍රේස් ඩූඩා සහ ඔහුගේ බිරිය ඇගතා කෝන්හවුසර්-ඩූඩා, දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා, ඝානා ජනාධිපති නනා අකුෆෝ-ඇඩ්ඩෝ, බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා, ඉන්දියාවේ ජනාධිපති ද්‍රෞපදී, චීන උප ජනාධිපති වං කිෂාන්, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඔහුගේ බිරිය ජිල් බයිඩ්න්, එක්සත් රාජධානියේ වත්මන් අගමැති ලීස් ට්‍රස්, මෙන්ම කැනඩාවේ ජස්ටින් ටෘඩෝ, ඔස්ට්‍රේලියාවේ ඇන්තනි ඇල්බනීස් සහ නවසීලන්තයේ ජසින්ඩා ආඩර්න්, ප්‍රංශ ජනාධිපති එම්මැනුවෙල් මැක්‍රොන් සිය බිරිය බ්‍රිජිට් ඇතුළු රාජ්‍ය නායකයෝ රැසක් සහභාගි වී සිටි බවත් වැඩිදුරටත් ඒම අංශය සඳහන් කරයි.

More articles

Latest article