31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්

Must read

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය, මහජන සේවාවන් සඳහා නැවත දැනුම් දෙනතුරු සිකුරාදා දිනයන්හි විවෘත නොකරන බව දැනුම් දී තිබේ.

මේ දිනවල ඉන්ධන සපයා ගැනීමට ඇති අපහසුකම සහ පොදු ප්‍රවාහන සේවාවන් සීමා සහිත වීම හේතුවෙන් මෙලෙස අදාළ සේවාවන් සීමා කළ බවට වාරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.

කෙසේ වෙතත් සිකුරාදා දිනයන්හි දී සේවාලාභීන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි බව දැනුම් දී තිබේ.

එමෙන්ම අනෙක් රාජකාරි දින හතරේ සමාන්‍ය පරිදි වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ සියලුම සේවාවන් ලබාගත හැකිය.

More articles

Latest article