29 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට සාකච්ඡා අරඹයි

Must read

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධව දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා වට කිහිපයක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (02) පැවැත්විණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් සහ සාමාජිකයන් පළමු සාකච්ඡා වටයට එක්ව සිටි අතර, දෙවන සාකච්ඡාව ලංකා කම්කරු කොංග්‍රසය සමඟ පැවැත්විණි. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් සහ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් යන මහත්වරුන් ඇතුළු නියෝජිතයෝ ඊට සහභාගි වූහ. තෙවන සාකච්ඡාව ජාතික කොංග්‍රසය සමඟ පැවැත්වුණු අතර එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා ඇතුළු නියෝජිත පිරිසක් ඊට සහභාගි වූහ.

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳ අදත් (03) පාර්ශ්ව කිහිපයක් සමඟ ජනාධිපතිතුමා සාකච්ඡා කිරීමට නියමිත අතර සමඟි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රැසක් ඉදිරි සාකච්ඡාවලට එක් වීමට එකඟතාව පළ කර තිබේ.

More articles

Latest article