31 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

විදේශ නියෝජිතයෝ දෙදෙනෙක් ජනපති හමුවෙති

Must read

සේවා කාලය නිම කර සිය රට බලා පිටත්ව යන ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මකිනන් (David McKinnon) සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලවෙ(ර්)තු (Eric Lavertu) මහත්වරු ඊයේ (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. මෙරට සේවා කාලය නිම කළ බව ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දුන් ඔවුහු ජනාධිපතිවරයා සමඟ සුහද පිළිසඳරක නිරත වූහ.

ඩේවිඩ් මකිනන් මහතා 2017 ඔක්තෝබර් 23 වන දින සිට මෙරට කැනඩා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළ අතර එරික් ලවෙ(ර්)තු මහතා 2018 නොවැම්බර් 01 වැනි දා සිට ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා වශයෙන් කටයුතු කළේය.

More articles

Latest article