31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ශ්‍රී ලංකාවේ කැපවීමට උපරිම සහාය දෙනවා – යුරෝපා කොමිසමේ සභාපති

Must read

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය සාර්ථකව ජය ගනිමින් රට සෞභාග්‍යය කරා ගෙන යෑමටත්, කල්පවත්නා ජාතික සංහිඳියාවේ මාවතකට ප්‍රවේශ වීමටත් දරන ප්‍රයත්නයන්ට සහාය වීමට යුරෝපා සංගමය කැප වී සිටින බව එම කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් (Ursula Von Der Leyen) මහත්මිය සඳහන් කළාය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම නිමිත්තෙන් විශේෂ සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් යුරෝපා කොමිසමේ සභාපතිනිය මේ බව දන්වා තිබේ. ශ්‍රී ලංකා රජය ගෙන යන මෙම ක්‍රියාවලියේදී අදහස් ප්‍රකාශ කිරීමේ සහ රැස්වීමේ නිදහස සහ සියලුම පාර්ශ්වකරුවන් අතර සංවාදයක් මෙන්ම නීතියේ ආධිපත්‍යයට සහ මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීම අත්‍යවශ්‍යව පවතින බවද ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත. GSP+ කැපවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ යුරෝපා සංගමය කළ තක්සේරුව පිළිබඳ අවධානය යොමු කර ඇති උර්සුලා වොන් ඩර් ලේන් මහත්මිය සඳහනක් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ GSP+ කැපවීම් පිළිබඳ ප්‍රගතිය ඉතා ඉක්මනින් යුරෝපා සංගමය තක්සේරු කරනු ඇති බවයි. එම වාර්තාව මේ වසරේ අග භාගයේදී හෝ 2023 මුල් භාගයේදී නිකුත් කිරීමට නියමිත අතර එමඟින් සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ කෙටි හා දිගු කාලීන අවශ්‍යතා සහතික කෙරෙන ප්‍රතිපත්ති හඳුන්වා දීමට සහ මෙහෙයවීමට අපේක්ෂා කෙරේ .

ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමඟ කරන සාකච්ඡා හවුල් වටිනාකම් සහ පොදු අවශ්‍යතා සඳහා වූ කැපවීම් මත පදනම්ව සිදු කෙරෙනු ඇතැයි ද විශ්වාසය පළ කර තිබේ. හවුල් වටිනාකම් සහ පොදු අවශ්‍යතා සඳහා වූ කැපවීම් මත පදනම්ව, දෙරටේ බැඳීම් සහ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සමීපව කටයුතු කිරීමට යුරෝපා කොමිසමේ සභාපතිනිය කැමැත්ක පළ කර ඇත.

More articles

Latest article