28 C
Colombo
බදාදා, මැයි 8, 2024

දීපාවලිය ඉන්දීය – ශ්‍රී ලංකා සමානතා පිළිඹිබු වන උළෙලක් – ජනපති

Must read

දීපාවලි උත්සවය ඉන්දීය – ශ්‍රී ලංකා සමානතා පිළිඹිබු කෙරෙන සැමරුමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකම කාසියක දෙපැත්ත බව පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංස්කෘතික සහ ආගමික වශයෙන් යම් වෙනස්කම් තිබුණද දෙරට අතර සමානතා බොහොමයක් පවතින බව පැවසීය.

දීපාවලි යනු එම සමානතා පිළිඹිබු කෙරෙන එක් අවස්ථාවක් වන අතර එය අද මුළු ලෝකයම සමරන උත්සවයක් බවට පත්ව ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ විදේශිකයන්ගේ සංස්කෘතික සංගමය (Colombo Expats Cultural Association) කොළඹ කිංග්ස්බරි හෝටලයේ පෙරේදා (29) පස්වරුවේ සංවිධානය කර තිබූ විශේෂ දීපාවලි සැමරුම් උත්සවයට එක් වෙමිනි.

දීපාවලි සැමරුම සියලු දෙනා එකට එක් කෙරෙන සහ සමීපතමයන් මුණගැසෙන අවස්ථාවක් බව වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතිවරයා එකමුතුකම සහ සහයෝගීතාව සංකේතවත් කෙරෙන දීපාවලී සැමරුම් උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳ කොළඹ විදේශිකයන්ගේ සංස්කෘතික සංගමයට සිය ස්තූතිය පිරිනැමීය.

කොවිඩ් වසංගතය සහ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් අභියෝගකාරී තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවේ අඩු වරප්‍රසාදිත පවුල්වල දරුවන්ගේ ජීවිත ආලෝකමත් කිරීම වෙනුවෙන් සංගමය ඉටුකරන කාර්යභාරය ද ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, කොළඹ විදේශිකයන්ගේ සංස්කෘතික සංගමයේ සභාපති කපිතාන් ඒ. බැනර්ජි (A. Banerjee) යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට ඒක්ව සිටියහ.

More articles

Latest article