31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

උද්ඝෝෂණ කළ අය ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගන්නේ නෑ – අගමැති

Must read

ශිෂ්‍ය ව්‍යාපාර පෙරේදා දියත් කළ උද්ඝෝෂණයේදී යමෙක් අත්අඩංගුවට ගෙන ඇත්නම් ඔවුන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමේ බලාපොරොත්තුවක් නැති බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (31) පැවසීය.

එම ශිෂ්‍යයන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නේ දැයි විපක්ෂ නායකවරයා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

රටේ සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කරනවා විනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තු නොවන බවද අගමැතිවරයා කීවේය. රැස්වන ස්ථානය පොලිසියට කලින් දැනුම් දී තිබුණද ගමන් කරන ආකාරය දැනුම් දී නොතිබූ බවත්, මූලික අයිතිවාසිකම් යනු එක් පුද්ගලයකුගේ නොව අනෙකුත් ජනතාවගේ ද අයිතිවාසිකම් හෙයින් කිසිවකුට අවහිර නොවන ආකාරයේ වාතාවරණයක් පවත්වා ගෙන යෑම වෙනුවෙන් ආණ්ඩුව කැප වී සිටින බවත් අගමැතිවරයා සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදි පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර ගෙන ඉදිරියට ගමන් කිරීම වෙනුවෙන් ආණ්ඩුව කටයුතු කරන බව පැවසූ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සර්ව පාක්ෂික එකඟතාවකින් ආර්ථික, මූල්‍ය ප්‍රශ්නයෙන් රට ගොඩනැඟීමට කටයුතු කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව පැවසීය.

More articles

Latest article