28.4 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි එකම කාසියේ දෙපැත්ත වගේ – ජනපති

Must read

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එකම කාසියක දෙපැත්ත බවත් දෙරටටම වෙන්ව ගමනක් නොමැති බව ජනාධිපතිවරයා පවසයි.

ඉන්දියාව විසින් පරිත්‍යාග කළ ඩෝනියර් 228 වර්ගයේ ගුවන් යානය භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ඇත්තේ පොදු ගතිකයන් බවය.

ඉන්දීය සාගරයේ කුඩා රටක් වන ශ්‍රී ලංකාව ඉන්දියාව ගෝලීය බලවතෙකු ලෙස ඉදිරියට පැමිණෙන භූමිකාව දෙස බලා සිටින බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.

මේ අතර ඉන්දියාව සමග අවබෝධයෙන් කටයුතු කිරීමට හැකියාව ආණ්ඩුව සතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික සබඳතාවලට වසර 75ක් සම්පූර්ණ වන මේ අවස්ථාවේ තවදුරටත් දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීමට එය අවස්ථාවක් කර ගත යුතු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.

ඉන්දු ලංකා සබඳතාවලට පමණක් නොව කලාපයට හා ලෝකයට පොදු ගැටලු රාශියක් අප විසින් හඳුනාගෙන ඇති බවත්, ඒවා විසඳා ගැනීමට කඩිනමින් කටයුතු කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

එසේම රාමායනය ගත් විට එය රටවල් දෙකටම පොදු සාහිත්‍ය වැදගත්කමකින් යුක්ත අතර ඉතා සුළු වෙනස්කම් කිහිපයක් පමණක් පවතින බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඉන්දියාව රාමා වීරයා ලෙස සලකන අතර ශ්‍රී ලංකාව රාමා සහ රාවණා යන දෙදෙනාම වීරයින් ලෙස සලකන බවය.

More articles

Latest article