30 C
Colombo
ඉරිදා, අප්‍රේල් 28, 2024

ස්ටම්ප් කිරීමේ ටෙස්ට් වාර්තාවක්

Must read

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13න් පහළ

අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයේ තරගයකදී තුන් ඉරියව් දස්කම් දක්වමින් තම පිල අර්ධ අවසන් පූර්ව වටය දක්වා රැගෙන යාමට කොළඹ රාජකීය විද්‍යාලයේ නායක දුෂේන් උඩවෙල සමත්විය.

රාජකීය නායක දුෂේන් උඩවෙල ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහිව තුන් ඉරියව් දස්කම් දැක්වූ අතර, එහිදී පළමු ඉනිම වෙනුවෙන් නොදැවී ලකුණු 59ක් රැස්කළේය. දුෂේන් උඩවෙල පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 17කට කඩුලු 6ක් දවාලූ අතර, දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 33ක් රැස් කළේය.

තෙවැනි වටයේ තරගයකදී කොළඹ රාජකීය විද්‍යාලය ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. තවත් තෙවැනි වටයේ තරගයකදී කොළඹ ඉසිපතන විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබූ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

කොළඹ රාජකීය විද්‍යාලයට

පළමු ඉනිමේ ජයක්

රාජකීය: පළමු ඉනිම – 221/7 (පන්දුවාර 45) දුෂේන් උඩවෙල නොදැවී 59, තුමිඳු සෝමසිරි 51, මුදිත් ගුණසේකර 41, රෙහාන් සෙනේෂ් නොදැවී 34

(තියෝන් හේලික 29/4, මන්දිත් මනෝහර 22/2)

මහින්ද: 97 (පන්දුවාර 33.2) මානිත රාජපක්ෂ 35, යශෝද් ලොකුගේ 25 (දුෂේන් උඩවෙල 17/6)

රාජකීය: දෙවැනි ඉනිම – 116/0 (පන්දුවාර 12) මහිරු කොඩිතුවක්කු නොදැවී 73, දුෂේන් උඩවෙල නොදැවී

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට

පළමු ඉනිමේ ජයක්

ධර්මපාල: පළමු ඉනිම – 140 (පන්දුවාර 49.5) විරුන් වත්මිර 49 (ඔජාෂ් ශංකර් 24/4, සංදීප ධනංජය 15/2)

වේල්ස් කුමර: පළමු ඉනිම – 120 (පන්දුවාර 38.5) ලිතුම් සන්දිර 38, නවීන් ෂෙහාර 30 (යනුෂ් ඉමාන් 37/3, විරුන් වත්මිර 20/2,දිනුර නෙත්විරු 25/2)

More articles

Latest article