31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

උපයන විට බද්ද රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන මඟින් ගෙවීම අත්හිටුවීමට පියවර

Must read

උපයන විට බද්ද රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන මඟින් ගෙවීම අත්හිටුවන බව මුදල් රාජ්‍ය ඇමැති, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. ඊට අදාළ චක්‍රලේඛය මෙම සතිය තුළ නිකුත් කරන බව හෙතෙම කීවේය.

උපයන විට බද්ද පනවා ඇත්තේ කිසියම් සීමාවක් ඉක්මවා ආදායම් ලබා ගන්නා පුද්ගලයන් විසින් රජය වෙත ගෙවිය යුතු බද්දක් ලෙස වන අතර, ඇතැම් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන මඟින් එම බද්ද ගෙවීමේ සිදුවීම් මීට පෙර වාර්තා වී ඇති බව ඇමැතිවරයා කියා සිටියේය.

එහෙත් රට වර්තමානයේ පවතින තත්ත්වය තුළ මෙවැනි අක්‍රමිකතාවලට ඉඩ තැබිය නොහැකි බවද සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

රාජ්‍ය වෙන්න පුළුවන්, අර්ධ රාජ්‍ය වෙන්න පුළුවන්, පෞද්ගලික අංශයේ වෙන්න පුළුවන් යම් සීමාවකට වැඩියෙන් ඉපයීමක් කරනව නම් ඔවුන් උපයන විට බද්දට යටත් වෙනවා. නමුත් පසුගිය වකවානුවේ දී විශේෂයෙන් අර්ධ රාජ්‍ය, සංස්ථාවල යම් යම් සේවා ගිවිසුම් ඇති කරගෙන තිබුණ තත්ත්වයන් මත උපයන විට බද්ද අදාළ ආයතනය විසින්ම ගෙවන අවස්ථාවන් අපට අත්විඳින්න ලැබුණා. එවැනි අකාර්යක්ෂමතාවන්ට මේ අවස්ථාව නෙවෙයි. මේ පිළිබඳ ඉතා නිරවුල්ව සොයා බලා ඒ ගෙවීම වළක්වාලමින් පැහැදිලි චක්‍රලේඛයක් සියලුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන වෙත නිකුත් කරනවා.

More articles

Latest article