27 C
Colombo
බදාදා, මැයි 8, 2024

වසර 15කට පසු හොඳම යූරියා මෙවර යල කන්නයට

Must read

මෙවර යල කන්නයේදී වී වගාවට රජය මඟින් දුන් යූරියා පොහොර අවුරුදු 15කට පසු රජයෙන් දුන් හොඳම යූරියා පොහොර බව ගොවි නියෝජිතයෝ අවධාරණය කරති.

එම පොහොර යෙදීම හේතුවෙන් වී අස්වනු ඉහළ ගිය බවත්, මෙවර යල කන්නයේ වී අස්වනු අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ ගොස් ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

මහ කන්නය සඳහා රජය මඟින් වගාවට අවශ්‍ය පොහොර දීම සම්බන්ධව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී ගොවි නියෝජිතයෝ මේ අදහස් පළ කළහ.

එහිදී අදහස් පළ කළ ඇමැතිවරයා පැවැසුවේ මෙවර මහ කන්නයට වී හා බඩඉරිඟු වගාවන් සඳහා යූරියා පොහොර දීමට කටයුතු යොදා ඇති බවයි. මුල් අදියර සඳහා අවශ්‍ය පොහොර තොග දැනටමත් සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත දී ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය. ඉන්දීය රජය මඟින් ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට දුන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් තවත් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 34,000ක් ඉතිරිව ඇති බවත් ඒවා මහ කන්නයේ වී වගාව සඳහා මුල් වටයට යෙදීමට නිකුත් කර ඇති බව ද කීය. එමෙන්ම මෙවර මහ කන්නයේදී ද ගුණාත්මකභාවයෙන් උසස් පොහොර දීමට කටයුතු යොදා ඇතැයි ද ඇමැතිවරයා මෙහිදී කීය.

More articles

Latest article