27.2 C
Colombo
සෙනසුරාදා, මැයි 18, 2024

හැටෙන් විශ්‍රාම යැවීම වෘත්තීන් කිහිපයකට අදාළ නෑ

Must read

සේවකයින්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට තීරණය කළද තෝරාගත් අත්‍යවශ්‍ය වෘත්තීන් කිහිපයකට එම සීමාව බල නොපාන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා ප්‍රකාශ කළේ වෛද්‍ය ,හෙද හා ඉන්ජිනේරු ඇතුළු වෘත්තීන් කිහිපයක් එම සීමාවෙන් ඉවත් කරන බවයි.

එම වෘත්තීන්හි නියැලෙන්නන්ට වයස අවුරුදු 63 දක්වා සේවය කිරීමට හැකියාව ලැබෙන පරිදි කැබිනට් මණ්ඩලයට සංශෝධන ගෙන එන බවද ලේකම්වරයා සඳහන් කළේ ය.

සෙසු පිරිස ලබන දෙසැම්බර් මස 31 වැනිදා විශ්‍රම ගැන්වීමට පියවර ගන්නා බව පැවසූ මායාදුන්නේ මහතා ඊට අදාළ චක්‍රලේඛය ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කරන බවද පැවසුවේය.

ඒ අනුව විසි දහසකට අධික පිරිසක් මේ වසර අවසානයේදී විශ්‍රම ගැන්වීමට නියමිතය.

More articles

Latest article