30 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

යුපුන් අබේකෝන්ට ඩොලර් තෑග්ගක්

Must read

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ ලෝකඩ පදක්කමක් දිනාගත්, දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වූ යුපුන් අබේකෝන්ට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ ඉල්ලීමක් අනුව ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් (තුන් කෝටි හැටහය ලක්ෂයක පමණ) ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය පිරිනමයි.

ඉතාලියේ පුහුණුවීම් කරන යුපුන් අබේකෝන්ගේ ක්‍රීඩා කුසලතා වැඩිදියුණු කර ගෙන ඉදිරියේ දී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී පදක්කමක් දිනා ගැනීමේ ඉලක්කය වෙනුවෙන් මෙම මුදල් පරිත්‍යාගය පිරිනමන ලදි.

මේ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්, යුපුන් අබේකෝන් හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව ත්‍රෛයි පාක්ෂික ගිවිසුමක් ඊයේ අත්සන් කිරීම ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදු කෙරුණි.

කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් තම ඉදිරි වසර 4ක කාලය තුළ පුහුණුවීම් හා අනෙකුත් සියලු කටයුතු සම්බන්ධ වියදම් ඇස්තමේන්තුවක් සමඟ ගිවිසුම් කෙටුම්පතක් පසුගියදා ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා වෙත භාර දුන් අතර, එම ගිවිසුම් කෙටුම්පත යුපුන් අබේකෝන් වෙනුවෙන් ඔහුගේ නීතිඥ පිරිසක් සකස් කර තිබිණි.

බර්මින්හැම් ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේ පැවැති මීටර් 100 අවසන් තරගයේදී තත්පර 10. 14කින් ලෝකඩ පදක්කම දිනාගත් යුපුන් අබේකෝන්, එම ඉසව්වෙන් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ මීටර් 100 පදක්කමක් දිනාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත් විය.

More articles

Latest article